﻿1
00:00:21,696 --> 00:00:31,696
<font color="#00FF00">සදිනි</font> විසින් කල උපසිරැසි ගැන්වීමකි.
<font color="#f2ffa2"> CINEMX.LK</font>

2
00:00:33,720 --> 00:00:34,640
මීනු?

3
00:01:20,960 --> 00:01:23,320
සර්, අපිට පැමිණිල්ලක් දාන්න ඕනේ.

4
00:01:29,165 --> 00:01:30,366
මල්වියා සර්!

5
00:01:30,887 --> 00:01:32,127
සබුරි එකෙන් මේ කැවිලි වගයක් ගෙනාවා.

6
00:01:32,640 --> 00:01:35,080
බාප්ජි හැම සෙනසුරාදාවකම
මේවා එයාගෙ අතින්මයි හදන්නේ.

7
00:01:35,520 --> 00:01:36,680
මෙන්න, ටිකක් කන්න.

8
00:01:36,760 --> 00:01:38,560
- මට එපා.
- කරුණාකරලා ගන්නකෝ.

9
00:01:39,919 --> 00:01:42,560
- මෙන්න පුතේ, ටිකක් කන්න.
- එයා පැණිරස කන්නේ නෑ.

10
00:01:42,800 --> 00:01:45,396
මේවා නිකම්ම කැවිලි නෙවෙයි.
මේවා බාප්ජිගේ ආශිර්වාදය.

11
00:01:45,479 --> 00:01:47,997
ඔයාලගෙ තියෙන හැම ප්‍රශ්නයක්ම
විසඳිලා යාවි. මෙන්න ගන්න.

12
00:01:48,400 --> 00:01:49,417
ටිකක් කන්නකෝ.

13
00:02:20,680 --> 00:02:22,280
මට අතවර කළා.

14
00:02:26,000 --> 00:02:27,120
අතවර කළා?

15
00:02:32,800 --> 00:02:33,920
කරදර කළා.

16
00:02:35,800 --> 00:02:36,800
කවුද එහෙම කළේ?

17
00:02:41,559 --> 00:02:43,639
ඔයාට කරදර කළේ කවුද කියලා කියන්න.

18
00:02:53,013 --> 00:02:54,013
බාප්ජි.

19
00:02:54,480 --> 00:02:56,761
බාප්ජිට ජය වේවා!

20
00:02:58,320 --> 00:02:59,801
ආරම්භය

21
00:03:51,480 --> 00:03:52,361
නම?

22
00:03:53,160 --> 00:03:54,201
මීනු රාවත්.

23
00:03:55,440 --> 00:03:56,440
රාවත්?

24
00:04:01,320 --> 00:04:02,280
තාත්තගෙ නම?

25
00:04:02,361 --> 00:04:03,921
ධරම්පාල් රාවත්.

26
00:04:10,054 --> 00:04:11,054
වයස?

27
00:04:11,095 --> 00:04:12,376
දහහතයි.

28
00:04:18,361 --> 00:04:20,120
වයස 17යි සර්.

29
00:04:27,000 --> 00:04:29,361
මුල ඉඳන්ම පටන් ගන්න.
මොකක්ද වුණේ?

30
00:04:48,361 --> 00:04:49,278
කියන්න.

31
00:04:51,240 --> 00:04:52,240
පුතේ...

32
00:04:53,240 --> 00:04:54,240
මීනු?

33
00:04:58,801 --> 00:04:59,801
කතා කරන්න.

34
00:05:02,801 --> 00:05:04,721
මගේ නම මීනු රාවත්.

35
00:05:06,160 --> 00:05:09,936
මම ඉගෙන ගන්නේ බාප්ජිගේ සබුරි ෆෝට් එකේ
තියෙන මහාෂෙර්නි ඉස්කෝලේ.

36
00:05:11,640 --> 00:05:13,735
මම ඉන්නෙත්
ඉස්කෝලෙ හොස්ටල් එකේ.

37
00:05:15,800 --> 00:05:19,039
ඊයේ උදේ රැස්වීම වෙලාවේදී,
මට ටිකක් සනීප නැති වුණා, ඊටපස්සේ...

38
00:05:24,201 --> 00:05:28,736
ඔයාට හොඳටම විශ්වාසද
ඒ අපේ බාප්ජි කියලා?

39
00:05:32,560 --> 00:05:33,560
ඔව්.

40
00:05:34,640 --> 00:05:37,158
මම අදහස් කළේ...
ඔයාට සනීප නොතිබුණ නිසා,

41
00:05:37,241 --> 00:05:39,877
වෙන්න බැරිද,
ඔයාට හරියට මතක නැතුව ඇති කියලා?

42
00:05:39,960 --> 00:05:41,321
මට හොඳට මතකයි.

43
00:05:49,560 --> 00:05:50,401
හරි එහෙනම්.

44
00:05:51,000 --> 00:05:52,361
අපි එක දෙයක් කරමු...

45
00:05:52,560 --> 00:05:54,841
අපි බාප්ජිත් එක්කත් කතා කරලා බලමු.

46
00:05:54,960 --> 00:05:58,758
ඊටපස්සේ අපි ඔයාලට කතා කරලා
පැමිණිල්ල ලියාගන්නම්.

47
00:05:58,841 --> 00:05:59,881
හරිද?

48
00:06:00,640 --> 00:06:01,721
යමු පුතේ.

49
00:06:06,681 --> 00:06:08,080
එහෙනම් මම මෙතනම ඉන්නම්.

50
00:06:12,761 --> 00:06:14,192
ඔයාලා පැමිණිල්ල ලියාගන්නකම්.

51
00:06:31,896 --> 00:06:32,896
ජායි හින්ද්, සර්.

52
00:06:33,886 --> 00:06:35,366
සර්, පැමිණිල්ලක් වැටිලා තියෙනවා.

53
00:06:38,574 --> 00:06:40,033
ගෑනු ළමයා බාලවයස්කාරියක්.

54
00:06:40,207 --> 00:06:42,021
එයා කෙලින්ම එයාට චෝදනා කරලා තියෙනවා.

55
00:06:42,200 --> 00:06:43,520
මේක ගොඩක් සංවේදී කාරණයක්.

56
00:06:43,760 --> 00:06:45,197
වහාම කාවහරි යවන්න.

57
00:07:16,440 --> 00:07:18,440
ඒ.සී.පී. ජස්ලීන් සිං සොයින්.

58
00:07:30,160 --> 00:07:31,280
වින්දිතයා කොහෙද?

59
00:07:37,800 --> 00:07:38,839
බාත්රූම් එකේද?

60
00:07:59,919 --> 00:08:01,399
වෙන කිසිම කාමරයක් තිබුණෙම නැද්ද?

61
00:08:02,800 --> 00:08:04,680
එළියේ හරිම සෙනඟක් ඉන්නවා...

62
00:08:04,920 --> 00:08:08,520
වින්දිතයා බාලවයස්කාරියක්.
අපි එයාගෙ අනන්‍යතාවය රකින්න ඕනේ.

63
00:08:09,200 --> 00:08:11,160
ඉතින්, ඔයාලා එයාව කුණු ගොඩට දැම්මාද?

64
00:08:25,472 --> 00:08:27,272
මගේ නම ජස්ලීන්.

65
00:08:27,958 --> 00:08:30,279
අද ඉඳන්, මේ කේස් එකේ
විමර්ශන නිලධාරියා මමයි.

66
00:08:34,440 --> 00:08:35,440
ඔයා?

67
00:08:35,440 --> 00:08:38,119
මම ධරම්පාල්, මීනුගෙ තාත්තා.

68
00:08:41,520 --> 00:08:43,720
මට වැදගත් දෙයක්
කතා කරන්න තියෙනවා.

69
00:08:44,680 --> 00:08:47,320
අපිට මීනුගෙ කටඋත්තරය
ආයෙත් සටහන් කරගන්න වෙනවා.

70
00:08:49,999 --> 00:08:51,400
මට තේරෙනවා

71
00:08:51,520 --> 00:08:54,239
මේ ක්‍රියාවලිය ඔයාලට
කොච්චර වදයක්ද කියලා.

72
00:08:55,279 --> 00:08:57,119
ඇත්තටම, මීනුට ඊටත් වඩා අමාරු ඇති.

73
00:08:57,999 --> 00:09:00,680
ඒත් කටඋත්තරය වීඩියෝ කරන එක
අනිවාර්යයි.

74
00:09:01,176 --> 00:09:04,159
මැඩම්, මේ දවස්වල
වීඩියෝ ලීක් වෙනවා නිතරම.

75
00:09:04,560 --> 00:09:07,036
කවුරුහරි මේක මෙතනින් ලීක් කළොත්?

76
00:09:07,119 --> 00:09:09,196
බය වෙන්න එපා.
මේක පොලිස් ක්‍රියාපටිපාටියක්.

77
00:09:09,372 --> 00:09:10,493
මේක ලීක් වෙන්නේ නෑ.

78
00:09:13,640 --> 00:09:14,640
මීනු...

79
00:09:15,999 --> 00:09:17,999
ඔයාගෙ කටඋත්තරය ආයෙත් දෙනවද?

80
00:09:27,279 --> 00:09:28,800
මගේ නම මීනු රාවත්.

81
00:09:29,212 --> 00:09:32,757
මම ඉගෙන ගන්නේ බාප්ජිගේ සබුරි ෆෝට් එකේ
තියෙන මහාෂෙර්නි ඉස්කෝලේ.

82
00:09:35,720 --> 00:09:37,717
ඊයේ,
උදේ රැස්වීම වෙලාවේ,

83
00:09:37,890 --> 00:09:40,156
මට ටිකක් සනීප නැති වුණා.

84
00:09:40,403 --> 00:09:42,648
මට ගොඩක් කරකැවිල්ල හැදිලා කලන්තෙ දැම්මා.

85
00:09:43,640 --> 00:09:44,640
පොඩ්ඩක් ඉන්න...

86
00:09:45,119 --> 00:09:46,119
විනාඩියක් දෙන්න.

87
00:09:47,560 --> 00:09:48,520
මොකද වුණේ?

88
00:09:48,520 --> 00:09:50,880
- කැමරා එක ඕෆ් වුණා.
- ඉතින්, ඒක ඔන් කරන්න.

89
00:09:52,478 --> 00:09:53,430
තාරා...

90
00:09:55,280 --> 00:09:56,797
- තාරා!
- මෙතන ඉඳන් කෑගහන්න එපා.

91
00:09:58,680 --> 00:10:00,119
මට බැටරියක් ගෙනත් දෙන්න.

92
00:10:00,560 --> 00:10:01,560
සොරි, මැඩම්.

93
00:10:09,172 --> 00:10:10,972
බැටරිය මාරු කරන්නත්
ඕනෙ මමද?

94
00:10:18,653 --> 00:10:20,132
මීනු, ආයෙත් පාරක් කියනවද?

95
00:10:27,720 --> 00:10:29,239
මගේ නම මීනු රාවත්.

96
00:10:30,080 --> 00:10:33,920
මම ඉගෙන ගන්නේ බාප්ජිගේ සබුරි ෆෝට් එකේ
තියෙන මහාෂෙර්නි ඉස්කෝලේ.

97
00:10:37,120 --> 00:10:38,880
ඊයේ,
උදේ රැස්වීම වෙලාවේ...

98
00:11:00,919 --> 00:11:01,800
සොරි...

99
00:11:03,200 --> 00:11:04,561
අන්තිම වතාවට?

100
00:11:07,760 --> 00:11:09,916
මගේ නම මීනු රාවත්.
මම ඉගෙන ගන්නේ බාප්ජිගේ සබුරි ෆෝට් එකේ

101
00:11:09,999 --> 00:11:11,717
තියෙන මහාෂෙර්නි ඉස්කෝලේ.

102
00:11:11,800 --> 00:11:15,239
උදේ රැස්වීම වෙලාවේ
මට සනීප නැති වුණා.

103
00:11:15,520 --> 00:11:17,959
මට කරකැවිල්ල හැදිලා කලන්තෙ දැම්මා.

104
00:11:20,239 --> 00:11:22,320
මම ඇහැරෙනකොට,

105
00:11:23,080 --> 00:11:24,917
මම හිටියේ ක්ලිනික් එකේ කාමරයක.

106
00:11:24,999 --> 00:11:26,320
ඔයාව එතනට ගෙනිච්චෙ කවුද?

107
00:11:27,400 --> 00:11:29,840
- දන්නෙ නෑ.
- මතක් කරලා බලන්න.

108
00:11:29,919 --> 00:11:32,919
- එයා දැන් කිව්වේ කලන්තෙ දැම්මා කියලා.
- කරුණාකරලා.

109
00:11:33,480 --> 00:11:34,680
එයාට කතා කරන්න දෙන්න.

110
00:11:36,999 --> 00:11:37,999
කියන්න.

111
00:11:38,640 --> 00:11:39,879
මතක නෑ.

112
00:11:42,786 --> 00:11:43,906
ඊටපස්සේ මොකද වුණේ?

113
00:11:53,800 --> 00:11:55,680
කාමරේ දොර වහලයි තිබුණේ.

114
00:12:02,200 --> 00:12:04,441
එකපාරටම බාප්ජි ඇතුළට ආවා.

115
00:12:06,800 --> 00:12:09,999
මට හිතුණා
දැන් හැමදේම හරියාවි කියලා.

116
00:12:10,720 --> 00:12:13,280
ඒත් එයා ළඟට ඇවිත්...

117
00:12:19,440 --> 00:12:21,800
එයා මගේ ඇඳුම් ගැලෙව්වා.

118
00:12:34,120 --> 00:12:35,320
ඊටපස්සේ...

119
00:12:35,720 --> 00:12:37,320
එයා එයාගෙ ඇඟිලි මගේ...

120
00:12:47,280 --> 00:12:49,131
ඊටපස්සේ එයා පාත් වෙලා...

121
00:12:58,172 --> 00:12:59,717
එයා ඒක කරලා ඉවර වුණාට පස්සේ,

122
00:12:59,800 --> 00:13:01,916
එයා මාව නාවලා

123
00:13:01,999 --> 00:13:04,560
මට කිව්වා, එයා මට
"ශක්තියේ තෑග්ගක්" දුන්නා කියලා.

124
00:13:05,760 --> 00:13:07,239
ඊටපස්සේ එයා මට මන්ත්‍රයක් දීලා

125
00:13:07,360 --> 00:13:10,277
කිව්වා ඒක දිගටම කියනකොට
මට ශක්තිය ලැබෙයි කියලා.

126
00:13:10,360 --> 00:13:11,677
කයින් කයට,

127
00:13:11,760 --> 00:13:12,916
පරමාණුවේ සිට විශ්වය දක්වා,

128
00:13:12,999 --> 00:13:14,239
ශක්තිය ගලා යාවි, දසත පුරා...

129
00:13:14,440 --> 00:13:16,600
මම ඒ මන්ත්‍රය කලිනුත් අහලා තිබුණා.

130
00:13:20,119 --> 00:13:22,477
කයින් කයට,
පරමාණුවේ සිට විශ්වය දක්වා,

131
00:13:22,560 --> 00:13:24,560
ශක්තිය ගලා යාවි, දසත පුරා.

132
00:13:26,080 --> 00:13:30,479
ගුරු යනු භක්තියයි, ගුරු යනු කරුණාවයි,
ගුරුන්ගෙන් මුළු ලොවම පිරේවා.

133
00:14:06,239 --> 00:14:07,199
හාන්සි වෙන්න.

134
00:14:22,680 --> 00:14:23,800
අත කෙලින් කරන්න.

135
00:14:24,600 --> 00:14:25,999
හොඳට හුස්ම ගන්න.

136
00:14:27,239 --> 00:14:28,239
ඔහොම ඉන්න, ඔහොම ඉන්න...

137
00:14:28,999 --> 00:14:31,119
ඔව්, දැන් ඉවරයි.

138
00:14:32,960 --> 00:14:35,732
මීනුව ක්ලිනික් එකේ ඉඳන්
ආපහු එක්කන් ආවේ මමයි.

139
00:14:36,919 --> 00:14:40,239
එයාගෙ කොණ්ඩෙ තෙමිලා තිබුණේ,
එයා ටිකක් බය වෙලා වගේ හිටියේ.

140
00:14:41,239 --> 00:14:43,239
මම හිතුවේ ඒ එයාට සනීප නැති නිසා කියලා.

141
00:14:43,480 --> 00:14:44,520
කට අරින්න.

142
00:14:44,800 --> 00:14:46,239
අරින්න. ඔව්.

143
00:14:50,305 --> 00:14:51,746
මට තේරෙන්නෙ නෑ.

144
00:14:53,439 --> 00:14:55,079
මම කාගෙ කතාවද විශ්වාස කරන්න ඕනේ?

145
00:14:55,680 --> 00:14:56,879
මම කාවද විශ්වාස නොකරන්න ඕනේ?

146
00:14:59,079 --> 00:15:02,879
බාප්ජිට මේ වගේ දෙයක් කරන්න පුළුවන් කියලා
මට නම් විශ්වාස කරන්න බෑ.

147
00:15:12,680 --> 00:15:15,440
ඔයා මගේ තැන හිටියා නම්,
ඔයා කාවද විශ්වාස කරන්නේ?

148
00:15:17,079 --> 00:15:18,720
ඔයාගේ දුවගෙද?

149
00:15:19,999 --> 00:15:21,440
නැත්නම් ඔයාගේ විශ්වාසයද?

150
00:15:29,039 --> 00:15:30,097
හොඳට අරින්න.

151
00:15:34,839 --> 00:15:36,239
හොඳට හුස්ම ගන්න.

152
00:15:37,680 --> 00:15:38,999
හරි.

153
00:15:53,239 --> 00:15:54,600
පළවෙනි පෝස්ටින් එකද?

154
00:15:56,000 --> 00:15:57,063
ඔව්.

155
00:15:59,933 --> 00:16:01,052
සොයින්?

156
00:16:03,680 --> 00:16:06,800
ඔයා ටිමීස් ඩයිනර් එකේ තියෙන
පනීර් කුල්චා එක කාලා බලන්නම ඕනේ.

157
00:16:07,080 --> 00:16:09,160
එතකොට ඔයාගෙ ඕර්චා ගමන
සාර්ථක වේවි.

158
00:16:12,079 --> 00:16:13,079
කොහොම වුණත්...

159
00:16:13,720 --> 00:16:16,357
වින්දිතයාගේ ඇඟේ කිසිම
කායික තුවාලයක සලකුණක් නෑ...

160
00:16:16,442 --> 00:16:18,639
තැලීම්, හැපීම්, ලේ ගැලීම් වගේ...

161
00:16:18,720 --> 00:16:20,400
අඩුම තරමේ සීරීමක්වත් නෑ.

162
00:16:20,520 --> 00:16:22,480
ඒවාට කිසිම සාක්ෂියක් නෑ.

163
00:16:23,726 --> 00:16:25,726
ඇතුල් කිරීමක් වෙලත් නෑ.

164
00:16:30,520 --> 00:16:32,040
බලහත්කාරකමක් හෝ පොරබදීමක් ගැන?

165
00:16:32,120 --> 00:16:34,039
ඒක ඔප්පු කරන්න
කිසිම කායික සාක්ෂියක් තියෙනවද?

166
00:16:34,633 --> 00:16:35,720
නෑ.

167
00:16:36,436 --> 00:16:38,237
ජීව විද්‍යාත්මක සාක්ෂි ගැන කිව්වොත්,

168
00:16:38,643 --> 00:16:40,520
අපි ඒ සාම්පල් ලැබ් එකට යවනවා.

169
00:16:42,612 --> 00:16:43,538
ඒත්, මැඩම්,

170
00:16:43,960 --> 00:16:47,160
බැලූ බැල්මට, මට හිතෙන්නෙ නෑ
මේ ළමයට දූෂණයක් වෙලා කියලා.

171
00:16:56,880 --> 00:16:57,880
ධරම්පාල්-ජී...

172
00:17:00,200 --> 00:17:02,320
බය නැතුව ගෙදර යන්න.

173
00:17:03,633 --> 00:17:06,392
ඔයාගෙ දුව 100%ක්ම පිරිසිදුයි.

174
00:17:08,165 --> 00:17:09,325
තේරුණේ නැද්ද?

175
00:17:10,720 --> 00:17:13,359
ඔයාගෙ දුවගෙ නම්බුවට හානියක් වෙලා නෑ.

176
00:17:13,746 --> 00:17:15,225
මම පෞද්ගලිකවම ඒක තහවුරු කළා.

177
00:17:17,600 --> 00:17:18,600
අනික...

178
00:17:18,632 --> 00:17:22,552
උසාවි ගානේ රස්තියාදු වෙලා
කිසිම වැඩක් වෙන්නේ නෑ.

179
00:17:27,560 --> 00:17:29,913
මස්ති, අයින් වෙන්න. මස්ති.

180
00:17:38,311 --> 00:17:41,191
අවුරුදු 19කටම ඔයාගෙ අම්මා
එක රොටියක්වත් පුච්චලා නෑ.

181
00:17:56,546 --> 00:17:57,546
දුවේ...

182
00:18:01,412 --> 00:18:02,533
මම කියන්නේ නෑ...

183
00:18:05,000 --> 00:18:06,000
මොකක්ද...

184
00:18:07,800 --> 00:18:09,760
ඔයාට මොනවා වුණත්...

185
00:18:10,846 --> 00:18:12,245
දැන් මොනවා වුණත්...

186
00:18:14,192 --> 00:18:16,232
මම කියන්නේ නෑ ඒක වැරදි නෑ කියලා.

187
00:18:18,400 --> 00:18:19,400
ඒත්...

188
00:18:20,880 --> 00:18:24,039
කූඹියො පාගපු ගමන්
අධිරාජ්‍යයන් කඩාගෙන වැටෙන්නෙ නෑ.

189
00:18:28,952 --> 00:18:32,991
මේ පොලිසි,
උසාවි, එහෙම...

190
00:18:33,518 --> 00:18:35,758
ඒවා ළමා සෙල්ලම් නෙවෙයි.

191
00:18:36,078 --> 00:18:39,198
- අපිට මුකුත් කරගන්න බැරි වෙයි--
- මම ගැන වද වෙන්න එපා තාත්තේ.

192
00:18:47,673 --> 00:18:50,072
ඔයා ගැන නැතුව,
අපි වෙන කා ගැන වද වෙන්නද?

193
00:18:52,200 --> 00:18:54,681
මිනිස්සු විශ්වාස කරන්නේ බාප්ජි දෙවියෙක් කියලා.

194
00:18:56,840 --> 00:18:59,236
ඔයා ඇත්ත කියනවා කියලා
කවුරුවත් විශ්වාස කරන එකක් නෑ.

195
00:18:59,325 --> 00:19:01,325
මම ඇත්ත කියනවා කියලා
ඔයා විශ්වාස කරනවද?

196
00:19:08,465 --> 00:19:09,465
තාත්තේ?

197
00:19:13,239 --> 00:19:14,983
මම ඇත්ත කියනවා කියලා
ඔයා විශ්වාස කරනවද?

198
00:19:17,440 --> 00:19:18,440
තාත්තේ!

199
00:19:28,239 --> 00:19:29,239
ස්තූතියි.

200
00:19:29,280 --> 00:19:30,280
සර්, විනාඩියක්!

201
00:19:30,400 --> 00:19:31,877
අපිට FIR එකේ කොපියක් හම්බවුණා.

202
00:19:32,266 --> 00:19:34,088
පොලිසිය FIR එක දාලා තියෙන්නේ

203
00:19:34,160 --> 00:19:37,200
354, 376, 506 සහ
පොක්සෝ යටතේ.

204
00:19:37,712 --> 00:19:38,848
පොක්සෝ?

205
00:19:39,360 --> 00:19:41,798
- ඇයි එයාව තාම ඇරෙස්ට් කළේ නැත්තේ?
- ඇරෙස්ට්?

206
00:19:41,880 --> 00:19:43,837
ඒක හරියට පූසාගෙ බෙල්ලෙ සීනුව බඳිනවා වගේ වැඩක්.

207
00:19:43,920 --> 00:19:47,079
නිකම්ම ඇරෙස්ට් කරන්න
බාප්ජි කියන්නේ ගොඩක් බලවත් කෙනෙක්.

208
00:19:47,440 --> 00:19:48,960
මුලින්ම, එයාලා විමර්ශනය කරනවා වගේ
පෙන්නාවි.

209
00:19:49,279 --> 00:19:51,279
ඊටපස්සේ එයාලා සාක්ෂි එකතු කරන්න
උත්සාහ කරාවි.

210
00:19:51,439 --> 00:19:54,399
එයාලට මොනවාහරි හම්බවුණොත්,
එයාලා ඇරෙස්ට් කරන එක ගැන හිතාවි.

211
00:19:57,600 --> 00:19:59,239
අපි කවදද මේ නිවුස් එක දෙන්නේ?

212
00:20:45,066 --> 00:20:46,106
මැඩම්.

213
00:20:48,320 --> 00:20:49,720
හැමෝම, එළියට යන්න.

214
00:20:50,240 --> 00:20:52,320
මැඩම්-ජී,
අපි දැන් පටන් ගත්තා විතරයි.

215
00:20:52,386 --> 00:20:53,943
කමක් නෑ.
වින්දිතයා ඇවිත් ඉන්නවා.

216
00:20:54,026 --> 00:20:57,146
කොහොම වුණත්, මට හිතෙන්නෙ නෑ
ෆොරෙන්සික් අයට මෙතනින් මුකුත් හම්බවෙයි කියලා.

217
00:20:58,532 --> 00:21:00,093
දැන් යන්න. ඉක්මනට.

218
00:21:01,947 --> 00:21:03,027
මීනු...

219
00:21:04,560 --> 00:21:05,761
හොඳට බලන්න.

220
00:21:13,787 --> 00:21:15,177
මම එතන හාන්සි වෙලා හිටියේ.

221
00:21:20,146 --> 00:21:21,747
ඒත් ඇඳ තියෙන්නේ අනිත් පැත්තේ.

222
00:21:32,560 --> 00:21:34,921
එදා, ඒක තිබුණේ එතන.

223
00:21:39,426 --> 00:21:41,386
අර එහා පැත්තේ බාත්රූම් එකක් තියෙනවා.

224
00:21:42,106 --> 00:21:44,386
ඇතුළේ, ලීක් වෙන කරාමයක් තියෙනවා.

225
00:22:05,600 --> 00:22:07,839
එදා,
බාප්ජි කොහෙන්ද ආවේ?

226
00:22:10,080 --> 00:22:12,681
පිටිපස්සෙන්.

227
00:22:14,986 --> 00:22:18,226
ඒත් මැඩම්, මේක ඇරෙන්න
වෙන කිසිම දොරක් නෑ.

228
00:22:43,266 --> 00:22:44,266
හලෝ, ජස්ලීන්.

229
00:22:47,060 --> 00:22:48,940
සබුරි එකට සාදරයෙන් පිළිගන්නවා.

230
00:22:50,580 --> 00:22:52,580
- හැමෝටම ජූස් ටිකක් ගේන්න.
- හරි, මැඩම්.

231
00:22:53,400 --> 00:22:55,200
ඒ.සී.පී. ජස්ලීන් සිං සොයින්.

232
00:22:57,707 --> 00:22:59,587
ඔයා මගේ නංගි වගේ.

233
00:23:00,960 --> 00:23:02,479
මම ඔයාට මොකක්ද කරන්න ඕනේ?

234
00:23:03,150 --> 00:23:06,990
ප්‍රශ්න කරන්නයි මෙඩිකල් එකක් ගන්නයි
බාප්ජිට පොලිසියට එන්න වෙනවා.

235
00:23:07,826 --> 00:23:09,626
මුලින්ම මොනවාහරි බොන්නකෝ.

236
00:23:10,178 --> 00:23:11,499
ඊටපස්සේ අපි කතා කරමු.

237
00:23:11,890 --> 00:23:14,087
ඔයා අපේ රාජකාරිය කරන්න
බාධා කරනවා.

238
00:23:14,619 --> 00:23:17,219
නෑ, මම වගබලා ගන්නේ
ඔයාට ඔයාගෙ රාජකාරිය දිගටම කරගෙන යන්න.

239
00:23:18,373 --> 00:23:20,093
මම ඔයාගෙ රස්සාව බේරනවා.

240
00:23:20,800 --> 00:23:22,319
මේක ඔයාගෙ පළවෙනි කේස් එක නේද?

241
00:23:23,406 --> 00:23:24,406
අහන්න...

242
00:23:25,050 --> 00:23:26,993
ඔයා එයාව පොලිසියට
ගෙනිච්චොත්...

243
00:23:27,720 --> 00:23:30,720
එයාගෙ බැතිමතුන් මිලියන ගාණක්
පාරට බහීවි.

244
00:23:33,066 --> 00:23:35,266
ඒත් බාප්ජි මේ තැනට ආදරෙයි,

245
00:23:36,066 --> 00:23:37,466
මේ මිනිස්සුන්ට,

246
00:23:37,947 --> 00:23:40,306
පොලිසියට වුණත්.
ඇත්තටම එයා හැමෝම ගැනම හිතනවා.

247
00:23:41,299 --> 00:23:43,539
ඉතින්, සාමය රකින්නයි

248
00:23:43,920 --> 00:23:45,841
ඔයාගෙ රස්සාව බේරන්නයි,

249
00:23:47,392 --> 00:23:49,268
එයා පොලිසියට යන්නෙත් නෑ,

250
00:23:49,839 --> 00:23:51,627
කිසිම මෙඩිකල් එකක් කරගන්නෙත් නෑ.

251
00:23:59,627 --> 00:24:00,947
මෙන්න සිතාසි.

252
00:24:05,380 --> 00:24:08,420
ඔයා හිතනවද කඩදාසි කෑල්ලකට පුළුවන් කියලා
මුහුද පාලනය කරන්න?

253
00:24:09,914 --> 00:24:11,566
මේක නීතිමය ලියවිල්ලක්.

254
00:24:18,266 --> 00:24:20,266
ඔයා ඔය හිටගෙන ඉන්න තැන...

255
00:24:21,925 --> 00:24:23,525
ඒකට කියන්නේ සබුරි කියලා.

256
00:24:25,320 --> 00:24:26,681
ඒකෙ තේරුම "ඉවසීම".

257
00:24:28,999 --> 00:24:33,399
අපි ඔයා එක්ක ගොඩක් ඉවසීමෙන් ඉන්නේ
අන්න ඒ නිසයි.

258
00:24:38,019 --> 00:24:40,139
ඔයා ටිමීස් පනීර් කුල්චා එක කාලා බලන්නම ඕනේ.

259
00:24:41,165 --> 00:24:43,005
ඒක ඔයාට පන්ජාබ් මතක් කරාවි.

260
00:25:17,320 --> 00:25:19,280
සර්, අපි එයාට සිතාසි කිහිපයක්ම
යැව්වා

261
00:25:19,335 --> 00:25:21,561
නොවැම්බර් 15 වෙනිදාට කලින්
විමර්ශනයට එකතු වෙන්න කියලා.

262
00:25:22,144 --> 00:25:23,385
ඒත් එයා ආවේ නෑ.

263
00:25:24,160 --> 00:25:26,921
මම දන්න විදියට, එයාට සනීප නෑ.

264
00:25:28,560 --> 00:25:31,159
අන්න ඒ නිසයි
එයාට ගමන් කරන්න බැරි.

265
00:25:31,424 --> 00:25:33,474
මෙන්න එයාගෙ මෙඩිකල් සර්ටිෆිකේට් එක.

266
00:25:38,217 --> 00:25:42,150
ඔයා එක්කෝ බොරු කියනවා
නැත්නම් ඔයා කිසිම වැඩකට නැති නිලධාරිනියක්,

267
00:25:42,233 --> 00:25:45,150
තමන්ගේම කේස් එකේ සැකකරු ගැන
කිසිම දැනුමක් නැති.

268
00:25:45,477 --> 00:25:46,910
සර්, මේවා කල් මරන උපක්‍රම.

269
00:25:47,320 --> 00:25:50,881
FIR එක දාලා තියෙන්නේ පොක්සෝ යටතේ,
ඒක ඇප දෙන්න බැරි වරදක්.

270
00:25:51,304 --> 00:25:54,504
බරපතළ චෝදනා තිබුණත්,
ඒකෙන් එයාට කිසිම බලපෑමක් වෙලා නෑ වගේ.

271
00:25:54,520 --> 00:25:57,359
බරපතළ කියනවට වඩා,
මේක ගොඩක් සංවේදී කේස් එකක්.

272
00:25:58,024 --> 00:26:01,273
අන්න ඒ නිසයි, මහජන යහපත වෙනුවෙන්,
සහ සාමය රකින්න,

273
00:26:01,774 --> 00:26:04,453
මට මේ වෙලාවේ ඇරෙස්ට් වරන්ට් එකක්
නිකුත් කරන්න බෑ.

274
00:26:05,973 --> 00:26:07,007
හරිද?

275
00:26:27,840 --> 00:26:29,199
ඔයා මීනුව දන්නවද?

276
00:26:33,400 --> 00:26:35,720
බය වෙන්න එපා.
ප්‍රශ්නෙට උත්තර දෙන්න.

277
00:26:38,346 --> 00:26:39,626
එයා එච්චර හොඳ ළමයෙක් නෙවෙයි.

278
00:26:43,313 --> 00:26:44,313
ඔයා කොහොමද දන්නේ?

279
00:26:44,960 --> 00:26:46,199
හැමෝම දන්නවා.

280
00:26:46,800 --> 00:26:49,483
හේයි! පොඩ්ඩක් ඉන්න.

281
00:26:49,554 --> 00:26:50,670
එක්කෙනෙක්...

282
00:26:51,286 --> 00:26:52,564
එක්කෙනෙක් එකපාරට කතා කරන්න.

283
00:26:52,680 --> 00:26:55,439
මැඩම් අහන දේට විතරක් උත්තර දෙන්න.

284
00:26:58,200 --> 00:27:01,200
එදා,
බාප්ජි හිටියේ භාවනා කරමින්.

285
00:27:01,794 --> 00:27:04,194
ඉතින් කොහොමද මීනු කියන්නේ...

286
00:27:07,640 --> 00:27:08,680
මොකක්ද කියන්නේ?

287
00:27:16,600 --> 00:27:17,783
කියන්න.

288
00:27:30,240 --> 00:27:31,841
මීනු ගැන ඔයා වෙන මොනවද දන්නේ?

289
00:27:37,413 --> 00:27:39,654
ඔයා එයාගෙ යාළුවා, අම්රිතාගෙන් අහන්න ඕනේ.

290
00:27:40,634 --> 00:27:42,594
එයා මීනු ගැන හැමදේම දන්නවා.

291
00:27:53,466 --> 00:27:55,186
- හලෝ.
- ඒ.සී.පී. ජස්ලීන් සිං ද?

292
00:27:55,319 --> 00:27:57,119
- කවුද මේ?
- අමිතාබ් සිංහා කතා කරන්නේ.

293
00:27:57,474 --> 00:27:58,667
නිවුස්ලයින් 84 එකෙන්.

294
00:27:59,000 --> 00:28:01,360
බාප්ජිගෙ කේස් එක ගැන
ඔයා එක්ක කතා කරන්න ඕනේ.

295
00:28:01,594 --> 00:28:03,910
ඔයාට පුළුවන්ද විමර්ශනයේ
තත්වය ගැන කියන්න?

296
00:28:04,000 --> 00:28:05,760
ඇයි පොලිසිය තාමත්--

297
00:28:06,634 --> 00:28:09,914
කොහොමද අමිතාබ් සිංහාට
මේ කේස් එක ගැන දැනගන්න ලැබුණේ?

298
00:28:11,720 --> 00:28:13,079
මේ මීඩියාකාරයො මැඩම්.

299
00:28:13,280 --> 00:28:14,761
උන්ට ලේ සුවඳ දුර තියාම දැනෙනවා.

300
00:28:15,653 --> 00:28:17,172
දැන් ඉතින් වෙලාව හරි.

301
00:28:19,126 --> 00:28:20,126
මොකටද?

302
00:28:20,893 --> 00:28:22,412
ලෝක විනාසෙට.

303
00:29:04,320 --> 00:29:05,600
බාප්ජිට... ජය වේවා!

304
00:29:05,634 --> 00:29:07,387
බාප්ජිට ජය වේවා!

305
00:29:40,640 --> 00:29:41,720
පුතා...

306
00:29:42,894 --> 00:29:43,894
ඔයා.

307
00:29:45,087 --> 00:29:46,486
ඔව්, ඔයා. මෙහෙට එන්න.

308
00:29:47,240 --> 00:29:49,240
ඔව්...
මෙහෙට එන්න.

309
00:29:56,787 --> 00:29:58,226
ඔයාගෙ නම මොකක්ද?

310
00:30:02,112 --> 00:30:03,232
ඔයා මොනවද කරන්නේ?

311
00:30:07,126 --> 00:30:08,567
මම ටොයිලට් හෝදනවා.

312
00:30:09,973 --> 00:30:12,973
සමහර වෙලාවට කුලී වැඩ.

313
00:30:14,139 --> 00:30:15,660
හම්බවෙන ඕනම දෙයක් කරනවා.

314
00:30:17,200 --> 00:30:18,681
මම වැඩ කරන තැන...

315
00:30:20,514 --> 00:30:21,754
එහේ....

316
00:30:22,840 --> 00:30:24,440
මිනිස්සු මට කතා කරන්නේ කල්වා කියලා.

317
00:30:27,099 --> 00:30:28,700
මා ළඟට එන්න.

318
00:30:36,160 --> 00:30:38,160
"විකාල්" කියන්නෙ මොකක්ද දන්නවද?

319
00:30:42,860 --> 00:30:43,860
හැන්දෑව.

320
00:30:44,907 --> 00:30:45,907
ගොම්මන් වෙලාව.

321
00:30:48,754 --> 00:30:51,993
කුරුල්ලෝ, සත්තු, මිනිස්සු

322
00:30:52,494 --> 00:30:55,133
හැන්දෑවට ගෙදර එනවා වගේ...

323
00:30:56,194 --> 00:30:58,434
ඔයාටත් ඔයාගෙ ගෙදරට
පාර හොයාගන්න පුළුවන් වෙලා.

324
00:31:01,320 --> 00:31:04,801
අද ඉඳන්,
ඔයාගෙ නම විකාල්.

325
00:31:08,120 --> 00:31:10,200
වැටෙන අයට, පැකිළෙන අයට...

326
00:31:10,233 --> 00:31:12,582
බාප්ජි ඉන්නවා හැමෝටම!

327
00:31:13,040 --> 00:31:15,037
වැටෙන අයට, පැකිළෙන අයට...

328
00:31:15,166 --> 00:31:17,567
බාප්ජි ඉන්නවා හැමෝටම!

329
00:31:27,933 --> 00:31:29,053
මෙන්න ගන්න.

330
00:31:32,320 --> 00:31:34,801
අද ඉඳන්,
සබුරි තමයි ඔයාගෙ ගෙදර.

331
00:31:35,640 --> 00:31:37,398
අපි හැමෝම ඔයාගෙ පවුලේ අය.

332
00:31:41,173 --> 00:31:43,173
එක දෙයක් විතරක් මතක තියාගන්න පුතා.

333
00:31:43,560 --> 00:31:45,479
අපිට ආගමක් නෑ.

334
00:31:46,527 --> 00:31:48,126
අපිට කුලයක් නෑ.

335
00:31:57,272 --> 00:32:01,360
අපි නිකම්ම තත්පරයක් නම්...

336
00:32:01,441 --> 00:32:02,839
එයා මුළු කාලයමයි!

337
00:32:02,920 --> 00:32:05,080
අපි නිකම්ම පරමාණුවක් නම්...

338
00:32:05,160 --> 00:32:06,706
එයා තමයි
මුළු විශ්වයම!

339
00:32:06,760 --> 00:32:08,240
බාප්ජිට ජය වේවා!

340
00:32:25,993 --> 00:32:27,594
හරි කට්ටිය!
අමිතාබ් එනවා!

341
00:32:29,554 --> 00:32:31,561
සද්ද නොකර ඉන්න!

342
00:32:34,293 --> 00:32:35,894
කැමරා ලෑස්ති කරගන්න.

343
00:32:36,040 --> 00:32:37,441
හතරෙන් ලයිව් යනවා...

344
00:32:37,720 --> 00:32:38,652
තුනයි...

345
00:32:39,332 --> 00:32:40,334
දෙකයි...

346
00:32:40,620 --> 00:32:41,726
එකයි!

347
00:32:48,233 --> 00:32:50,153
සුබ සන්ධ්‍යාවක්. මම අමිතාබ් සිංහා.

348
00:32:50,800 --> 00:32:54,236
අද අපි ගෙනාවේ පුපුරන සුලු
ප්‍රවෘත්තියක්,

349
00:32:54,517 --> 00:32:58,239
ඒක අපේ නීති පද්ධතිය ගැන තියෙන
විශ්වාසය නැති කරලා දාවි.

350
00:32:59,892 --> 00:33:01,012
මැඩම්.

351
00:33:02,314 --> 00:33:03,314
මොකද වුණේ?

352
00:33:04,297 --> 00:33:06,554
සබුරි එකේ බාප්ජිට විරුද්ධව
FIR එකක් දාලා තියෙනවා.

353
00:33:06,927 --> 00:33:10,366
චෝදනාව?
අවුරුදු 17ක ගෑනු ළමයෙක්ව දූෂණය කිරීම.

354
00:33:10,697 --> 00:33:12,953
FIR එක දාලා තියෙන්නේ
පොක්සෝ පනත යටතේ.

355
00:33:13,404 --> 00:33:15,229
මානයට හානි කිරීම.

356
00:33:15,385 --> 00:33:16,786
ස්ත්‍රී දූෂණය.

357
00:33:17,030 --> 00:33:18,970
අපරාධමය බිය ගැන්වීම.

358
00:33:19,397 --> 00:33:21,153
සහ පොක්සෝ පනතේ 7 වැනි වගන්තිය.

359
00:33:21,993 --> 00:33:24,391
මේ හැම චෝදනාවක්ම එල්ල වෙලා තියෙන්නේ,

360
00:33:24,800 --> 00:33:26,221
තමන්ගෙ මාලිගාවේ
සැප විඳින ගමන්,

361
00:33:26,302 --> 00:33:29,154
සරල ජීවිතයක ගුණාංග ගැන
දේශනා කරන මනුස්සයෙක්ට.

362
00:33:29,540 --> 00:33:31,074
මේකෙන් අපිට ප්‍රශ්නයක් මතු වෙනවා...

363
00:33:31,554 --> 00:33:33,790
මේ වගේ බරපතළ චෝදනා තිබිලත්,

364
00:33:34,064 --> 00:33:36,113
ඇයි බාප්ජිව
තාමත් ඇරෙස්ට් කරලා නැත්තේ?

365
00:33:37,080 --> 00:33:39,160
බාප්ජි නීතියටත් වඩා උඩින්ද ඉන්නේ?

366
00:33:39,480 --> 00:33:41,557
සබුරි එකේ ඉන්න අනිත් ළමයි ගැන මොකද?

367
00:33:41,687 --> 00:33:43,926
පොලිසියට එයාලගෙ ආරක්ෂාව ගැන
ගාණක් නැද්ද?

368
00:33:44,362 --> 00:33:47,039
නැත්නම් පොලිසිය ඉන්නේ
මොකක්හරි දේශපාලන බලපෑමක් යටතේද?

369
00:33:50,434 --> 00:33:52,447
බාප්ජිට චෝදනා එල්ල වෙලා තියෙනවා

370
00:33:52,527 --> 00:33:54,311
අවුරුදු 17ක ගෑනු ළමයෙක්ව දූෂණය කළා කියලා...

371
00:33:54,394 --> 00:33:56,351
කම්පනයට පත් කරන ප්‍රවෘත්තියක්...

372
00:33:56,434 --> 00:33:58,030
ඉන්දියාවේ දෙවියන්...

373
00:33:58,113 --> 00:34:00,355
අද දවසේ ආන්දෝලනාත්මක පුවත...

374
00:34:00,435 --> 00:34:02,391
බාප්ජිට දූෂණ චෝදනා
එල්ල වෙලා තියෙනවා...

375
00:34:02,474 --> 00:34:04,674
මේ හොර දෙවියන්ට දඬුවම් දෙන්න ඕනේ!

376
00:34:17,033 --> 00:34:18,965
බාප්ජිට... ජය වේවා!

377
00:34:19,040 --> 00:34:20,965
බාප්ජිට... ජය වේවා!

378
00:34:21,040 --> 00:34:23,200
බාප්ජිට... ජය වේවා!

379
00:34:25,767 --> 00:34:28,687
නොවැම්බර් 4 වෙනිදා, හවස 4 ඉඳන් 6 වෙනකම්
ඔයා කොහෙද හිටියේ?

380
00:34:29,360 --> 00:34:31,240
මෙතනමයි,
ඉස්කෝලේ.

381
00:34:31,727 --> 00:34:33,607
එදා මීනුට සනීප නැතුවද හිටියේ?

382
00:34:34,146 --> 00:34:37,947
මම දැක්කේ නෑ, ඒත් මට කිව්වා
එයා කලන්තෙ දාලා

383
00:34:38,305 --> 00:34:40,586
ක්ලිනික් එකට අරන් ගියා කියලා.

384
00:34:41,906 --> 00:34:43,305
එදා බාප්ජි කොහෙද හිටියේ?

385
00:34:43,993 --> 00:34:47,113
එයා සාමාන්‍යයෙන් ඉන්න තැන. භාවනා කරමින්.

386
00:34:49,080 --> 00:34:51,239
ඔයා එයාව භාවනා කරනවා දැක්කාද?

387
00:34:57,893 --> 00:34:59,252
මීනු කියන්නේ මොන වගේ ළමයෙක්ද?

388
00:35:00,000 --> 00:35:01,000
එයා...

389
00:35:01,233 --> 00:35:03,913
අනිත් ළමයින්ට වඩා
ටිකක් වෙනස්.

390
00:35:04,714 --> 00:35:05,994
එයා නිතරම බොරු කිව්වාද?

391
00:35:06,386 --> 00:35:09,026
හැම ළමයම බොරු කියනවා නේද, මැඩම්?

392
00:35:11,000 --> 00:35:14,320
එයා අනිත් ළමයින්ට වඩා ඉක්මනට
සමහර පුරුදු වලට ඇබ්බැහි වුණා.

393
00:35:14,934 --> 00:35:16,027
මොන වගේද?

394
00:35:20,040 --> 00:35:23,119
පොලිසියෙන් තොරතුරු හංගන එක
බරපතළ වරදක්.

395
00:35:23,320 --> 00:35:25,120
ඔයා දන්නවා නේද
මොකක්ද වෙන්න යන්නේ කියලා?

396
00:35:36,920 --> 00:35:37,956
මෙන්න.

397
00:35:40,634 --> 00:35:42,033
හොස්ටල් එකේ ටෙරස් එකේ.

398
00:35:43,960 --> 00:35:46,039
මේ වයසෙදිම බොනවා.

399
00:35:47,000 --> 00:35:48,960
කවුද දන්නේ
එයාට සල්ලි කොහෙන්ද කියලා.

400
00:35:50,379 --> 00:35:51,620
එයාට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද?

401
00:35:52,406 --> 00:35:53,727
මම... මම දන්නෙ නෑ.

402
00:35:55,877 --> 00:35:57,993
මීනු ඇත්තටම ඔයාට දුවෙක් වගේ නම්...

403
00:35:58,594 --> 00:36:00,953
ඇත්ත හංගන එකෙන්
එයාගෙ ප්‍රශ්න තවත් වැඩි වෙනවා විතරයි.

404
00:36:03,040 --> 00:36:04,200
ඔයාගෙ කැමැත්තක්.

405
00:36:08,360 --> 00:36:09,457
මැඩම්-ජී.

406
00:36:11,514 --> 00:36:12,834
මට කතාවක් ඇහුණා.

407
00:36:15,153 --> 00:36:17,434
එයයි එයාගෙ ඉංග්‍රීසි ටීචරුයි...

408
00:36:18,200 --> 00:36:19,428
ජයිදීප් මෝදක්.

409
00:36:20,000 --> 00:36:21,319
එයාලා අතරෙ සම්බන්ධයක් තිබුණා කියලා.

410
00:36:22,400 --> 00:36:23,451
ටීචර් කෙනෙක්?

411
00:36:25,187 --> 00:36:28,827
මම කියන්නේ අනිත් ගෑනු ළමයින්ගෙන්
අහන්න ලැබුණු දේවල් විතරයි.

412
00:36:29,445 --> 00:36:31,766
ඇයි ඔයා මේ ගැන
කිසිම පියවරක් ගත්තේ නැත්තේ?

413
00:36:33,080 --> 00:36:36,280
මැඩම්, සබුරි කියන්නේ
ගොඩක් පූජනීය තැනක්.

414
00:36:36,360 --> 00:36:39,335
ඒකෙ නම්බුව රකින එක
මගේ යුතුකමක්.

415
00:36:42,360 --> 00:36:43,561
එයාගෙ යාළුවෝ කවුද?

416
00:36:45,259 --> 00:36:48,780
කවුද කාගෙ යාළුවෝ කියලා
අපි කොහොමද දන්නේ මැඩම්-ජී.

417
00:36:50,173 --> 00:36:51,373
අම්රිතා ගැන මොකද කියන්නේ?

418
00:36:54,366 --> 00:36:55,887
එයා මීනුගෙ යාළුවා නේද?

419
00:36:58,440 --> 00:36:59,490
ඔව්.

420
00:36:59,834 --> 00:37:02,954
ඒත් එයා දැන් මහාෂෙර්නි ඉස්කෝලේ
ඉගෙන ගන්නේ නෑ.

421
00:37:03,954 --> 00:37:05,153
එයා දැන් කොහෙද ඉගෙන ගන්නේ?

422
00:37:06,092 --> 00:37:07,132
මම දන්නෙ නෑ.

423
00:37:10,000 --> 00:37:14,399
බලන්න බාප්ජි මට දුන්න දේ.
එයා මගේ කවියට ගොඩක් පැහැදුණා.

424
00:37:23,517 --> 00:37:24,517
ජයිදීප් මෝදක්.

425
00:37:25,774 --> 00:37:27,654
ඔයාද මීනුට ඉංග්‍රීසි ඉගැන්නුවේ?

426
00:37:28,246 --> 00:37:29,847
ඇත්තටම, මුළු පන්තියටම.

427
00:37:31,480 --> 00:37:32,921
මීනු විශේෂ ළමයෙක්ද?

428
00:37:34,133 --> 00:37:35,434
ඔව්.

429
00:37:36,027 --> 00:37:37,787
එයාගෙ කැරලිකාර ගතියක් තිබුණා.

430
00:37:38,727 --> 00:37:41,706
කට වහගෙන ඉන්න ජාතියේ කෙනෙක් නෙවෙයි.
ප්‍රශ්න අහන ජාතියේ කෙනෙක්.

431
00:37:42,406 --> 00:37:45,126
ඉතින්, ඔයා එයාගෙ ඒ
කැරලිකාර ගතියට කැමති වුණාද?

432
00:37:46,580 --> 00:37:49,299
ඔයා මේ අඟවන්නේ
අපි ගැන තියෙන කටකතා ගැනද?

433
00:37:50,661 --> 00:37:53,040
සමාජයට පාලනය කරන්න බැරි
ගෑනුන්ට තමයි,

434
00:37:53,120 --> 00:37:55,300
මේ සමාජෙ වැඩියෙන්ම බණින්නේ.

435
00:37:56,226 --> 00:37:57,226
ඔව්.

436
00:37:58,480 --> 00:38:00,480
සිද්ධිය වුණු දවසේ
ඔයා එයාව හම්බවුණාද?

437
00:38:02,720 --> 00:38:04,439
මම එයාව දැක්කේ රැස්වීම වෙලාවේ විතරයි.

438
00:38:05,319 --> 00:38:07,159
රැස්වීම තියෙන්නේ උදේ 8ට.

439
00:38:09,040 --> 00:38:11,280
අපේ විමර්ශනයට අනුව,

440
00:38:11,353 --> 00:38:13,514
ඔයා මීනුව හම්බවෙලා තියෙන්නේ හවස 7ට.

441
00:38:19,594 --> 00:38:23,674
ඒ කියන්නේ එදා හොස්ටල් එකෙන් පැනලා යන්න
ඔයා එයාට උදව් කරලා තියෙනවා.

442
00:38:33,394 --> 00:38:34,445
මැඩම්.

443
00:38:35,234 --> 00:38:36,438
මැඩම්.

444
00:38:37,634 --> 00:38:38,994
ME රිපෝට් එක ඇවිත්.

445
00:38:47,854 --> 00:38:50,133
මට හිතෙන්නේ
අමුතු දෙයක් වෙනවා වගේ.

446
00:38:50,947 --> 00:38:52,867
ඔයා දකින්න අකමැති
විදියේ දෙයක්.

447
00:39:11,240 --> 00:39:13,400
හරි.

448
00:39:14,000 --> 00:39:15,284
මෙන්න එයා එනවා.

449
00:39:15,754 --> 00:39:17,799
ඔයා මේ නිවුස් එක දුන්නට පස්සේ
ටී.ආර්.පී. රේටින්ග්ස්

450
00:39:17,880 --> 00:39:19,599
උපරිමයටම ගිහින්
මිස්ටර් සිංහා.

451
00:39:19,680 --> 00:39:21,760
ඔව්. සුබ පතන්න වටිනවා.

452
00:39:21,840 --> 00:39:24,240
ඔව්... ඒත් පොඩ්ඩක් ඉන්න,
තව හොඳ නිවුස් එකක් තියෙනවා.

453
00:39:24,320 --> 00:39:25,400
අප්පටසිරි. ඒ මොකක්ද?

454
00:39:25,960 --> 00:39:29,960
බාප්ජි හෙට එයාගෙ රැස්වීමට
මීඩියා කට්ටියටත් එන්න කියලා.

455
00:39:30,554 --> 00:39:32,434
එයාගෙ නිර්දෝෂීභාවය ඔප්පු කරන්න.

456
00:39:33,207 --> 00:39:34,754
- ඔයා සිරාවටමද කියන්නේ?
- ඔව්.

457
00:39:35,246 --> 00:39:37,206
එයාගෙ "මීඩියා එපා" කියන ප්‍රතිපත්තියට
මොකද වුණේ?

458
00:39:37,787 --> 00:39:38,947
ඉතින්, මේ එයාගෙ හැටි නේ.

459
00:39:39,280 --> 00:39:42,080
ඒත් අහන්න.
හැම ඇත්තක්ම එළියට එනකම්,

460
00:39:42,474 --> 00:39:44,440
මට හිතෙන්නේ
හැමෝගෙම යහපත වෙනුවෙන්

461
00:39:44,520 --> 00:39:47,074
අපි මේක ටිකක් හිමින්
කරන එක හොඳයි.

462
00:39:48,330 --> 00:39:49,852
සුළඟටත්
බය වෙනවා නම්,

463
00:39:49,892 --> 00:39:51,766
කුණාටුවක් ආවම
මොනවා කරයිද?

464
00:39:51,847 --> 00:39:52,847
හේයි!

465
00:39:53,037 --> 00:39:54,553
මම බය නෑ.

466
00:39:55,107 --> 00:39:57,213
ඔයා විහිළුවක් වෙන්නෙ නැතුව ඉන්න
වගබලා ගන්නවා.

467
00:39:57,253 --> 00:40:00,600
ඔව්, ඔව්...
දැන්, ඔයාට කරදරයක් නැත්නම්...

468
00:40:00,640 --> 00:40:01,873
මෙතනින් පලයන්.

469
00:40:07,793 --> 00:40:12,020
මම ඔයාලගෙ මූණු දිහා බලනකොට,

470
00:40:14,194 --> 00:40:16,675
මට පේන්නේ බය.

471
00:40:19,259 --> 00:40:20,499
බය වෙන එක නවත්තන්න.

472
00:40:21,937 --> 00:40:24,193
ජීවිතය පටන් ගන්නේ,

473
00:40:24,873 --> 00:40:26,873
බය නැති වෙන තැනින්මයි.

474
00:40:28,480 --> 00:40:33,090
♪ සතුටයි දුකයි
හරියට ගින්දරයි වතුරයි වගේ ♪

475
00:40:33,320 --> 00:40:38,240
♪ ඒවා ඇවිත් තියෙන්නේ
අපේ දවල් රෑ පාලනය කරන්නයි ♪

476
00:40:38,400 --> 00:40:43,600
♪ ජීවිතය කියන්නේ
සුළං රොදක් වගේ ♪

477
00:40:43,840 --> 00:40:48,760
♪ ඒත් සුළඟ හැමවෙලේම හමනවා
එක තැනක රැඳෙන්නෙ නෑ ♪

478
00:40:48,873 --> 00:40:54,073
♪ සුළඟ හැමවෙලේම හමනවා
එක තැනක රැඳෙන්නෙ නෑ ♪

479
00:40:55,077 --> 00:40:57,474
අද, අපිට අමුත්තො වගයක් ඇවිත් ඉන්නවා.

480
00:40:58,490 --> 00:41:00,311
අපි මුලින්ම එයාලා එක්ක කතා කරමු.

481
00:41:02,594 --> 00:41:04,794
සන්සුන් වෙන්න.

482
00:41:07,166 --> 00:41:08,647
අමිතාබ් සිංහා-ජී...

483
00:41:09,474 --> 00:41:11,714
ඔයා ජී.පී.එස්. පාවිච්චි කරනවා නේද?

484
00:41:12,647 --> 00:41:14,859
එහෙනම් කොහොමද ඔයාට පාර වැරදුණේ?

485
00:41:18,680 --> 00:41:22,640
සමාවෙන්න. ස්තූතියි බාප්ජි.
මට මුලින්ම අවස්ථාව දුන්නට.

486
00:41:22,880 --> 00:41:25,119
ඔයා ගාව හැමෝගෙම ප්‍රශ්නවලට
උත්තර තියෙනවා.

487
00:41:25,397 --> 00:41:27,314
මටත් උත්තර ටිකක් දැනගන්න ඕනේ.

488
00:41:27,774 --> 00:41:28,904
ඔයා ඒවා දෙනවද?

489
00:41:29,810 --> 00:41:33,631
අනිවාර්යයෙන්ම දෙනවා.
මම මෙතන ඉන්නේ ඒකටනේ.

490
00:41:40,680 --> 00:41:44,239
අවුරුදු 17ක ගෑනු ළමයෙක්
ඔයාට දූෂණ චෝදනාවක් කරලා තියෙනවා.

491
00:41:45,714 --> 00:41:48,714
වැරදිකරුද නැද්ද කියලා,
අපි උසාවියට තීරණය කරන්න දෙමු.

492
00:41:49,490 --> 00:41:52,113
ඒත් මගේ ප්‍රශ්නේ තමයි,
ඔයා ඇත්තටම නිවැරදිකරු නම්...

493
00:41:53,133 --> 00:41:54,774
ඇයි මේ නිශ්ශබ්දතාවය?

494
00:41:56,070 --> 00:41:57,354
ඇයි ඔයා පොලිසිය මඟහරින්නේ?

495
00:42:00,953 --> 00:42:04,233
සන්සුන් වෙන්න, හැමෝම.

496
00:42:05,364 --> 00:42:08,217
අමිතාබ් සිංහා-ජී,
කරුණාකරලා ඔයාගෙ ප්‍රශ්නේ

497
00:42:08,524 --> 00:42:11,873
අන්තිම පේළිය
ආයෙත් කියන්න පුළුවන්ද?

498
00:42:13,520 --> 00:42:14,717
සමාවෙන්න, අනිවාර්යයෙන්ම.

499
00:42:14,994 --> 00:42:16,553
මගේ ප්‍රශ්නේ වුණේ...

500
00:42:16,977 --> 00:42:19,711
ඇයි ඔයා පොලිසියෙන්
හැංගිලා ඉන්නේ?

501
00:42:19,794 --> 00:42:21,391
ඔයා එයාලට බයයි වගේ?

502
00:42:24,440 --> 00:42:26,200
මම හැංගිලාද ඉන්නේ?

503
00:42:26,447 --> 00:42:30,966
මෙතන කොච්චර මිනිස්සු ඉන්නවද,
බලන බලන හැමතැනම කැමරා තියෙනවා.

504
00:42:31,570 --> 00:42:33,110
ඔයත් මෙතන කැමරාවක් අරන් ඉන්නේ.

505
00:42:33,440 --> 00:42:35,400
මේකටද හැංගිලා ඉන්නවා
කියලා කියන්නේ?

506
00:42:37,206 --> 00:42:39,007
ඒක ඔයාට තියෙන බලය නේද?

507
00:42:39,714 --> 00:42:41,714
සමහරවිට, ඔයා ඒක අවභාවිතා කරනවා ඇති.

508
00:42:42,314 --> 00:42:46,280
මට තියෙන එකම බලය
සත්‍යය සහ විශ්වාසය විතරයි.

509
00:42:47,634 --> 00:42:49,591
ඔයාලට මගෙන් හැමදේම ගන්න පුළුවන්,

510
00:42:49,880 --> 00:42:52,880
ඒත් කොහොමද මගේ සත්‍යය සහ
විශ්වාසය උදුරගන්නේ?

511
00:42:58,193 --> 00:43:01,631
ඒත් කවුරුහරි ඔයාගෙ කැමරාවයි
මයික් එකයි ගත්තොත්...

512
00:43:02,080 --> 00:43:05,639
ඔයාගේ පැවැත්මක් නෑ.

513
00:43:08,040 --> 00:43:11,720
ඔයාලට ටී.ආර්.පී. රේටින්ග්ස් ඇරෙන්න
වෙන කිසිම දෙයක් ගැන ගාණක් නෑ.

514
00:43:14,600 --> 00:43:16,178
අමිතාබ් සිංහා-ජී...

515
00:43:17,160 --> 00:43:20,200
දැන් කාලෙ ප්‍රවෘත්ති වාර්තා කරන්නෙ නෑ.

516
00:43:20,714 --> 00:43:22,113
ඒවා විකුණනවා.

517
00:43:24,112 --> 00:43:27,272
ඒත් කොච්චර කැත බොරුවක් වුණත්...

518
00:43:27,680 --> 00:43:31,309
ඒකට බෑ සත්‍යයේ සුළඟ
අපිරිසිදු කරන්න.

519
00:43:41,360 --> 00:43:43,509
- බාප්ජිට ජය වේවා!
- බාප්ජිට ජය වේවා!

520
00:43:43,590 --> 00:43:45,143
- බාප්ජිට ජය වේවා!
- බාප්ජිට ජය වේවා!

521
00:43:45,224 --> 00:43:47,057
- බාප්ජිට ජය වේවා!
- බාප්ජිට ජය වේවා!

522
00:44:09,667 --> 00:44:10,747
ඔයා කොහෙද ගියේ?

523
00:44:10,760 --> 00:44:12,426
ඇයි?
මම ස්නැක්ස් ටිකක් ගේන්න ගියා.

524
00:44:12,867 --> 00:44:14,226
ස්නැක්ස් ගේන්න?

525
00:44:15,337 --> 00:44:17,434
ඇයි ඔයාට ගෙදරින් එළියට යන්න ඕන වුණේ?

526
00:44:18,286 --> 00:44:21,446
අනික එළියට ගියත්, මේකද ස්නැක්ස් ගේන්න
එළියට යන්න හොඳම වෙලාව?

527
00:44:23,312 --> 00:44:25,072
එයා දිහා බලන්න.
මම එයාටයි කතා කරන්නේ.

528
00:44:28,073 --> 00:44:29,073
මීනු!

529
00:44:29,794 --> 00:44:32,354
- ඇයි ඔයා මුකුත් නොකියන්නේ?
- එයාගෙ බඩ අවුල් වෙලාද?

530
00:44:32,760 --> 00:44:34,116
එයාගෙ අක්මාව නරක් වෙලාද?

531
00:44:34,199 --> 00:44:35,245
බ්ලඩ් ප්‍රෙෂර්, දියවැඩියාව...

532
00:44:35,326 --> 00:44:38,527
අපේ දුවට තියෙන ලෙඩේ මොකක්ද
එයාට ස්නැක්ස් කන්න බැරි වෙන්න?

533
00:44:38,960 --> 00:44:40,318
එයාට වුණු දේට

534
00:44:40,594 --> 00:44:44,074
එයා කන බොන අඳින දේවල් එක්ක
කිසිම සම්බන්ධයක් නෑ.

535
00:45:37,360 --> 00:45:38,360
මගුලයි!

536
00:46:07,594 --> 00:46:10,030
දූෂණය වුණාට පස්සෙ කවුද ස්නැක්ස් කන්නෙ?

537
00:46:10,320 --> 00:46:11,921
දූෂණය වුණා කියන්නේ පට්ට බොරුවක්!

538
00:46:12,160 --> 00:46:14,761
පිටිපස්සට යන්න. අයින් වෙන්න.

539
00:46:14,840 --> 00:46:16,920
පිටිපස්සට යන්න, අයින් වෙන්න!

540
00:46:18,320 --> 00:46:20,680
ඒ මීනු රාවත් කියන එකිගෙ කැත විතරක්.

541
00:46:21,240 --> 00:46:22,721
කවුද එයාව දූෂණය කරන්නේ?

542
00:46:27,474 --> 00:46:29,944
අපිට යන්න දෙන්න. පිටිපස්සට යන්න.

543
00:46:30,034 --> 00:46:32,460
ඔයාලා මොනවද කරන්නේ? අයින් වෙන්න.

544
00:46:34,194 --> 00:46:36,824
අයින් වෙන්න!

545
00:46:41,634 --> 00:46:43,440
හේයි, අයින් වෙන්න.

546
00:46:50,073 --> 00:46:52,073
මොකක්ද මේ මීනු?
ඇතුළට යන්න!

547
00:46:55,354 --> 00:46:56,754
එයාව ඇතුළට ගන්න, ඉක්මනට!

548
00:47:03,714 --> 00:47:05,393
මේක බලන්න!

549
00:47:06,214 --> 00:47:07,174
දැන් සතුටුද?

550
00:47:07,200 --> 00:47:09,400
- තව ස්නැක්ස් ඕනෙද?
- ඔයා මේ මොන විකාරයක්ද කියවන්නේ?

551
00:47:09,634 --> 00:47:11,674
මොන වගේ මිනිස්සුද මේ වගේ ලාබ
මැසේජ් යවලා සතුටු වෙන්නේ?

552
00:47:11,762 --> 00:47:13,239
- ඔයත් මේ කුණුගොඩවල් කියවනවනේ.
- අහන්න...

553
00:47:13,320 --> 00:47:14,713
- ඔයා හිතන්නේ මම විනෝද වෙනවා කියලද?
- අහන්න...

554
00:47:14,794 --> 00:47:16,514
- මම එහෙමද කිව්වේ?
- කරුණාකරලා අහන්න!

555
00:47:16,759 --> 00:47:18,559
අපි මේ හොයන්න උත්සාහ කරන්නේ
මේක ලීක් කළේ කවුද කියලා.

556
00:47:18,560 --> 00:47:19,876
ඒකෙන් දැන් මොනවා වෙන්නද?

557
00:47:20,099 --> 00:47:21,419
වෙන්න තියෙන නරකම දේ වෙලා ඉවරයි.

558
00:47:21,680 --> 00:47:23,797
දැන් කවුද අපේ පවුලේ
ආරක්ෂාව තහවුරු කරන්නේ?

559
00:47:23,947 --> 00:47:25,197
අපි.

560
00:47:27,760 --> 00:47:28,760
කරුණාකරලා වාඩි වෙන්න.

561
00:48:23,554 --> 00:48:24,869
කාලකණ්ණි ගෑනි.

562
00:48:30,354 --> 00:48:31,354
තාත්තේ!

563
00:48:32,193 --> 00:48:33,193
තාත්තේ?!

564
00:48:35,474 --> 00:48:36,474
සද්ද නොකර ඉන්න...

565
00:48:38,193 --> 00:48:40,273
උඹ හිතුවද උඹ මේ හැප්පෙන්නේ
කා එක්ක කියලා?

566
00:48:41,871 --> 00:48:43,217
සද්ද නොකර ඉන්න...

567
00:48:55,594 --> 00:48:57,614
- එපා...
- මීනු...

568
00:48:59,880 --> 00:49:01,600
මීනු.
මෙහෙට එන්න. එන්න.

569
00:49:01,674 --> 00:49:04,243
එන්න, මෙහෙට එන්න.

570
00:49:04,314 --> 00:49:06,883
- නැගිටින්න, ඇතුළට යන්න.
- එළියට එන්න.

571
00:49:07,634 --> 00:49:08,654
- මීනු!
- මොකද වුණේ?

572
00:49:10,274 --> 00:49:13,640
- නැගිටින්න...
- දෙවියනේ! පොඩ්ඩක් ඉන්න.

573
00:49:15,514 --> 00:49:18,194
ඇතුළට යන්න. එයාව ඇතුළට ගන්න.

574
00:49:30,434 --> 00:49:31,641
හේයි...

575
00:49:31,714 --> 00:49:35,394
පරිස්සමෙන්, මීනු...

576
00:49:35,514 --> 00:49:38,280
තාත්තේ, මස්ති!

577
00:49:38,434 --> 00:49:41,034
තාත්තේ!

578
00:50:03,193 --> 00:50:05,514
බාප්ජිට ජය වේවා!

579
00:50:05,538 --> 00:50:30,538
<font color="#00FF00">සදිනි</font> විසින් කල උපසිරැසි ගැන්වීමකි.
<font color="#f2ffa2"> CINEMX.LK</font>

